දරුවන්ට කුඩා කාලයේදී අධ්‍යාපනය එක දිනයක් හෝ අහිමි වුවහොත් එය ගොඩනැගීම අපහසු බැවින්, එම බලපෑම බලධාරීන්, සමාජය මෙන්ම වෘත්තීය සමිති ද හොදින් අවබෝධ කර ගත යුතු බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
ඉදිරි අයවැය සදහා යෝජනා සහ අදහස් ලබා ගැනීම වෙනුවෙන් මහර ප්‍ර දේශයේ පැවති හමුවකදී සුසිල් ප්‍රේමජයන්ත මහතා එම අදහස් පළකළා. පාර්ලිමේන්තු මන්ත්‍රි සහන් ප්‍රදීප් මහතායි එම හමුව සංවිධාන කර තිබුණේ. අධ්‍යාපන ක්ෂේත්‍ර යේ දැනට ඇති ගැටලු විසදමින් ක්‍රමාණුකූලව පාසල් විවෘත කිරීම බලාපොරොත්තුව බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.
The post අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු විසඳමින් පාසල් විවෘත කිරීමට බලාපොරොත්තු වෙනවා appeared first on ITN News.
Post a Comment