Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජයන්ත චන්ද්‍රසිරිගේ නවතම ටෙලි නාට්‍ය “නන්නත්තාර”  

Add comments

අපේ රටේ ප්‍රවීණ කලාකරුවෙකු වන ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ අධ්‍යක්ෂණයෙන් නවතම ටෙලි නාට්‍ය වන නන්නත්තාර ටෙලි නාට්‍ය යේ මුහුරත් උළෙල ඊයේ (27) පැවැත්වුණා.

මෙරට ප්‍රේක්ෂකයන්ට ටෙලි නිර්මාණ රැසක් දායාද කළ ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ අධ්‍යක්ෂණයෙන් එන් එස් බි එම් හරිත සරසවියේ සුබ සාධක සංගමයේ නිෂ්පාදනයක් වන මෙම ටෙලි නාට්‍ය මෙරට ප්‍රේක්ෂකයන්ට නැවුම් අත්දැකීමක් වනවා. සාම්ප්‍රදායික කතාංග මාලාවකට වඩා බෙහෙවින් වෙනස් වූ මෙය ටෙලි කතා මාලාවක් ලෙස නිර්මාණය කර තිබෙනවා. තාරුණ්‍ය පාදක කර ගත් තේමාවක් ඔස්සේ දිග හැරෙන නන්නත්තාර ටෙලි නාට්‍ය කොටස් පනහකින් සමන්විතයි.

මුහුරත් උළෙලට ඩලස් අලහප්පෙරුම,  ආචාර්ය බන්දුල ගුණවර්ධන යන අමාත්‍යවරුන් සහභාගි වුණා. එමෙන්ම ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණ,  නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි වැඩසටහන් සරත් කුමාර පෙරේරා,  එන් එස් බි එම් හරිත සරසවියේ උප කුලපති මහාචාර්ය ඊ ඒ වීරසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

The post ජයන්ත චන්ද්‍රසිරිගේ නවතම ටෙලි නාට්‍ය “නන්නත්තාර” appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG