සිය සමාගම් නාමය මෙටා ලෙස වෙනස් කිරීමට ලොව විශාලතම සමාජ මාධ්‍ය වන ෆේස්බුක් සමාගම පියවර ගෙන තිබෙනවා.
ෆේස් බුක් සමාගම විවිධාංගීකරණ කිරීමේ සැලැස්ම යටතේ ඔවුන් සිය සමාගම් නාමය වෙනස් කිරීමට තීරණය කළ බවයි පැවසෙන්නේ. කෙසේ නමුත් මෙහිදී ෆේස්බුක් සමාජ මාධ්‍ය ආයතනයට අයත් ෆේස්බුක්, වට්ස්ඇප් සහ ඉන්ස්ටග්‍රෑම් සන්නාමයන් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වනු ඇති. මව් සමාගමේ නම පමණක් මෙලෙස මෙටා යන ග්‍රීක වදනින් මින් ඉදිරියට හදුන්වනු ලබනවා. සිය ආයතනය සලසන පුළුල් සේවාවන් නිරූපණය කිරීම සදහා ෆේස් බුක් මෙලෙස ප්‍රතිසන්නාම ගත කළ බවයි එම සමාගමේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් පවසන්නේ.
ඒ අනුව ෆේස්බුක් හි නව ආයතනික නාමය මෙටා හෙවත් මෙටා වර්ස් මගින් ඉදිරි ක්‍රියාකාරකම් සිදුකරනු ඇති බවයි මාර්ක් සකබර්ග් වැඩිදුරටත් පවසන්නේ. රියැලිටි තාක්ෂණය ඔස්සෙ ග්‍රාහකයින්ට අන්තර්ජාල ක්‍රීඩා, කාර්යාල ක්‍රියාකාරකම් මෙන්ම සන්නිවේදනය වඩාත් තාත්විකව අත්විදීමට සැලසීම මෙටා හි අරමුණ වී තිබෙනවා.
2015 වසරේ දී ගූගල් සමාගම ද සිය ආයතනික නාමය ඇල්ෆබට් යනුවෙන් ප්‍රතිසන්නාම ගත කළ අතර එය පුළුල් භාවිතයට යොදා ගැනීමට කටයුතු නොකළ බවයි සදහන් වන්නේ.
සමාගමේ නව කොටස් දෙසැම්බර් මස පළමුවන දින සිට වෙළදාම ආරම්භ කිරීමට නියමිත බවද වාර්තා වනවා.
The post ෆේස්බුක් සමාගම් නාමය “මෙටා” ලෙස වෙනස් කරයි appeared first on ITN News.
Post a Comment