Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මහා පරිමාණයෙන් සිදු කළ සුදු හදුන් සහ වල්ලපට්ට ජාවාරමක තොරතුරු හෙළිවෙයි  

Add comments

සුවද විලවුන් සහ ඖෂධ නිපදවීම සඳහා විදේශ රටවලට යැවීම පිණිස මහා පරිමාණයෙන් සිදු කළ සුදු හදුන් සහ වල්ලපට්ට ජාවාරමක් හෙළි කර ගැනීමට විශේෂ කාර්ය බළකායේ දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයට හැකි වුණා.

මේ අනුව හක්මන කිරින්ද පුහුල්වැල්ල ප්‍රදේශයේදී සුදු හදුන් කැබලි පොතු සහ කුඩු කිලෝග්‍රෑම් 300 ක් වල්ලපට්ට කැබලි පොතු සහ කුඩු කිලෝග්‍රෑම් 341 ක් වල්ලපට්ට තෙල් මිලිලීටර් 175 ක් සහ ඒ සඳහා යොදා ගන්නා ලද උපකරණ කිහිපයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ එක් සැකකරුවෙකුද සමඟයි. මේ සඳහා සිංහරාජ රක්ෂිතයෙන් වල්ලපට්ට සහ සදුන් ශාක ලබාගෙන තිබු බවයි හෙළිව තිබෙන්නේ.

The post මහා පරිමාණයෙන් සිදු කළ සුදු හදුන් සහ වල්ලපට්ට ජාවාරමක තොරතුරු හෙළිවෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG