ජපානයේ ටෝකියෝ අගනුවර උමං දුම්රියකදී සිදුවූ පිහි ඇනුමකින් පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
තුවාල ලැබූ පුද්ගලයින් අතරින් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් වයස 24 ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි ටෝකියෝ පොලිසිය සඳහන් කරන්නේ. පිහි ඇනුමට අමතරව ඔහු ගිනි තැබීමක් ද සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පිහි ඇනුම සිදුකළ පුද්ගලයා බැට්මෑන් චිත්‍රපටියේ ජෝකර් චරිතයට අදාළ ඇදුමින් සැරසී සිට ඇති බව සඳහන්.
The post ටෝකියෝ අගනුවර උමං දුම්රියක පිහි ඇනුමකින් 17 දෙනෙකුට තුවාල appeared first on ITN News.
Post a Comment