අතුරුගිරිය, මිරිහාන, මුල්ලේරියාව ඇතුළු ප්‍රදේශ කිහිපයක රන් මාල කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ දෙදෙනෙකු නුගේගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණ කාන්තාවන්ගේ රන් මාල කොල්ලකන බවට පොලිසියට ලැබුණු තොරතුරකට අනුව පරීක්ෂණ ආරම්භ කර තිබුණා. අතුරුගිරිය, මිරිහාන, මුල්ලේරියාව සහ බොරලැස්ගමුව ප්‍රදේශවල මෙලෙස කොල්ලකෑම් සිදුකර ඇති බවටයි හෙළිව තිබුණේ. පොලීසිය සිදුකළ මෙහෙයුමකදී සැකකරු මීගොඩ බටවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් එක් පුද්ගලයෙකුට අධිකරණය විවෘත වරෙන්තුද නිකුත් කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. රන් මාල සහ කොල්ලකෑමට ලක් කළ තවත් උපකරණ රැසක්ද පොලිසිය සොයාගෙන තිබෙනවා. කොල්ලකෑම සඳහා යොදා ගත් යතුරු පැදිය සහ ව්‍යාජ අංක තහඩු කිහිපයක්ද පොලිස් භාරයට ගැනුණා. සැකකරුවන් නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
මේ අතර වේයන්ගොඩ වෙළෙද සැලක් අසලදී කාන්තාවකගේ රන් මාලයක් කඩා ගැනීමට උත්සාහ කළ පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවට ගත්තා. ප්‍රදේශවාසීන් විසින් එම පුද්ගලයා අල්ලා විදුලි කණුවක ගැට ගසා පොලිසියට භාර දීමටයි පියවර ගැණුනේ. මෙම පුද්ගලයා වෑන් රථයකින් පැමිණ රත්‍රන් මාලය කොල්ල කෑමට උත්සාහ දරා තිබෙනවා.
The post ප්‍රදේශ කිහිපයක කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment