Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මාස 18කට පසු ඕස්ට්‍රේලියාව විදෙස් සංචාරකයින් සඳහා යළි විවෘත වෙයි  

Add comments

මාස 18 කට පසු විදෙස් සංචාරකයින් සඳහා ඕස්ට්‍රේලියාව අද යළි විවෘත කෙරුණා.

කොරෝනා වයිරස ව්‍යාප්තිය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත අතර ගමනාගමනය මෙන්ම විදෙස් සංචාරක පැමිණීමද තාවකාලිකව අත්හිටුවීමටයි බලධාරීන් පියවර ගත්තේ. වයිරසයට එරෙහි එන්නත්කරණය සාර්ථක වීම හා වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාව පහළ යාම හේතුවෙන් රට ක්‍රමිකව යළි විවෘත කිරීමට පසුගියදා ඕස්ට්‍රේලියා රජය තීරණය කළා. එමෙන්ම අද සිට එරටට විදෙස් සංචාරකයින්ට ඇතුළු වීමට අවසර හිමි වනවා. කෙසේ වුවද පැමිණෙන සියලු සංචාරකයින් සම්පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටිය යුතුයි. සිංගප්පූරුවේ හා ඇමෙරිකාවේ සිට පළමු ගුවන් යානා අද සිඩ්නි ගුවන්තොටුපොළට ළඟා වුණා. මාස ගණනක් වෙන්ව සිටි සමීපතමයින් එක්ව සිටින ආකාරයයි මෙහිදි දක්නට ලැබුණේ. වයිරස ව්‍යාප්තිය හේතුවෙන් පුරවැසියන්ට, ස්ථිරපදිංචිකරුවන්ට හා ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ට ඕස්ට්‍රේලියාවෙන් පිටවීමට හෝ ඇතුළු වීමට පසුගිය කාලයේදී අවසර හිමිවූයේ නැහැ.

 

 

The post මාස 18කට පසු ඕස්ට්‍රේලියාව විදෙස් සංචාරකයින් සඳහා යළි විවෘත වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG