Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කාබුල් අගනුවර බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 20 දක්වා ඉහළට  

Add comments

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර හමුදා රෝහලක් ඉලක්ක කර ගනිමින් සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 20 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

බෝම්බ ප්‍රහාරයත් සමඟ වෙඩි ප්‍රහාර මාලාවක්ද එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ. කාබුල් අගනුවර සන්දාර් මොහොමඩ් ඩවුඩ්කාන් හමුදා රෝහල ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ප්‍රහාරයෙන් තවත් 43 දෙනෙකු පමණ  තුවාල ලබා තිබෙනවා. කෙසේ වෙතත් මරණ සංඛ්‍යාව හා තුවාල කරුවන් ගණන තවත් ඉහළ යා හැකි බවයි එරට රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ. ප්‍රහාරය සිදු කිරීමට පැමිණි අයි එස් ත්‍රස්තවාදීන් හතර දෙනෙකු ඝාතනය කර තවත් එක් පුද්ගලයෙකු අත්අඩංගුවටව ගත් බව තලෙයිබාන් සංවිධානය සඳහන් කරනවා.

 

 

The post කාබුල් අගනුවර බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 20 දක්වා ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG