එක්සත් ජාතීන්ගේ ග්ලාස්ගෝ දේශගුණික සම්මේලනයට සමගාමීව චීන මාධ්‍ය සමූහයේ උතුරු ඇමරිකානු මූලස්ථානය 2021 ගෝලීය ක්‍රියාකාරී මුලපිරීම ආරම්භ කරයි.
දේශගුණික විපර්යාසයන්හී සියලුම ක‍්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කොට ගෝලීය ප්‍රතිපත්ති සම්පාදකයින්, නිරීක්ෂකයින් සහ ගෝලීය තරුණයින්ගේ හඬ එක්රැස් කරමින් දේශගුණික ක්‍රියාකාරකම් සඳහා වන ඇමතුම් විස්තාරණය කිරීමට මාධ්‍ය වේදිකා භාවිත කිරීම එහි අරමුණයි.
චීන මාධ්‍ය සමූහය විසින් ඉදිරිපත් කරන ලද දේශගුණික විපර්යාස පිළිබඳ ගෝලීය ක්‍රියාකාරී මුලපිරීම නමැති විශේෂ වැඩසටහන උතුරු ඇමරිකානු ප්‍රාදේශීය වේලාවෙන් නොවැම්බර් 2වන දින නිල වශයෙන් විකාශය කෙරිණ. මෙම විශේෂ වැඩසටහන දින 5ක් පුරා පැවැත්වවීමට නියමිතය. සියරා ලියොන් ජනාධිපති, අයිස්ලන්ත අගමැති ඇතුළු දේශපාලනඥයන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ජාත්‍යන්තර සංවිධාන රැසක ජ්‍යෙෂ්ඨ නිලධාරීහූ එයට සහභාගි වූහ. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙන්ම චීන මාධ්‍ය හමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා ආරම්භක කථාව කළේය.
ගෝලීය දේශගුණික ක්‍රියාමාර්ග සඳහා වගකීම් භාර ගන්නා ලෙසත්, ජෛව ශිෂ්ටාචාරය සංවර්ධනය කිරීම පිළිබඳ මහජනතාවගේ දැනුවත්භාවය දියුණු කොට දේශගුණය පිළිබඳ ප්‍රායෝගික ක්‍රියාමාර්ග කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා මහජන අදහස් පරිසරයක් නිර්මාණය කරන ලෙසත් Shen Haixiong මහතා එහිදී මාධ්‍ය සගයන්ගෙන් ඉල්ලා සිටියේය.
ඇමරිකාවේ චීන තානාපති Qin Gang මහතා දේශගුණික විපර්යාස වලට මුහුණ දීම සඳහා රටවල වගකීම් සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳව චීන සහ ඇමරිකානු තරුණ තරුණියන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේය.
The post එක්සත් ජාතීන්ගේ ග්ලාස්ගෝ දේශගුණික සම්මේලනයට සමගාමීව චීන මාධ්‍ය සමූහයෙන් විශේෂ මාධ්‍ය ක්‍රියාකාරකමක් appeared first on ITN News.
Post a Comment