2021 ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙල අද පැවැත්වෙනවා. මෙම සම්මාන උළෙල අපට වඩාත් විශේෂ වන්නේ අපගේ ලක්හඩ ගුවන් විදුලියේ සහ වසන්තම් එෆ් එම් හි ශිල්පීන් රැසක් මෙවර සම්මාන සදහා නිර්දේශ වී තිබීම නිසායි.
ජයග්‍රාහකයන් 37 දෙනෙකු සදහා සම්මාන පිරි නැමෙන ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙල අගමැතිතුමාගේ සහ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ සහභාගිත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලවේ දී අද පස්වරුවේ පැවැත්වෙනවා.
ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙල සදහා ලක්හඩ ගුවන් විදුලියේ ශිල්පීන් සහ වැඩසටහන් රැසක් නිර්දේශ වී තිබෙනවා. මයුරි ලියනගේ සහ ඉන්ද්‍රසිරි සුරවීර හොදම ගුවන් විදුලි සම්ප්‍ර වේශක නිර්දේශ නාම අතරට ඇතුළත්.
හොදම ගුවන් විදුලි ප්‍රවෘත්ති නිවේදක ලෙස මහින්ද බිබිලේ නිර්දේශ වී තිබෙනවා. නුවන් උදාර කරුණාරත්න සහ චතුක දිවාශන නිෂ්පාදනය කරන කෙලිබිම හොදම ක්‍රීඩා වැඩසටහන නිර්දේශ නාම අතරට ඇතුළත්. හොදම ගවේෂණාත්මක වැඩසටහන නිර්දේශ නාම අතරට මධුශංක මහමිතව සහ අනිල් මහානාම ගෙන එන කාලයේ හන්දිය ඇතුළත්ව තිබෙනවා.
හොදම සජීවි විස්තර කථනය තරග කාණ්ඩයේ නිර්දේශ නාම අතරට ලක්හඩ ගුවන් විදුලියේ චතුක දිවාශන එක්ව සිටිනවා. මේ අතර ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයේ වසන්තම් එෆ් එම් ශිල්පීන් ද රාජ්‍ය ගුවන් විදුලි සම්මාන තරග කාණ්ඩ කිහිපයකම නිර්දේශ නාම අතරට ඇතුළත්.
කවිතා භාරති හොදම ප්‍රවෘත්ති නිවේදිකාව සහ පූර්ව ප්‍රචාරක හඩ මුසුව සදහා නිර්දේශ වී සිටිනවා. හොදම ප්‍රවෘත්ති සංස්කාරක ලෙස අලගේෂන් සුමති හැමිල්ටන් නිර්දේශිතයි. දොරෙයිඅප්පා විනෝද් කන්නන් හොදම ප්‍රවෘත්ති නිවේදක ලෙස නිර්දේශ වී සිටිනවා.
The post 2021 ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙල අද appeared first on ITN News.
Post a Comment