සුළු අපනයන බෝග වගාකරුවන්ට වත්මන් රජය සහන රැසක් ලබා දී ඇති බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා.
ගොඩකවෙල තඹගමුව කොට්ඨාසයේ අපනයන කලාපය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා මේ බව සඳහන් කළේ. අපනයන කෘෂි කලාප පිහිටුවීමේ ජාතික වැඩසටහන යටතේ යි මෙය විවෘත කෙරුණේ. පාර්ලිමේන්තු මන්ත්‍රීනි මුදිතා ද සොයිසා මහත්මියද ඊට එක් වුණා. කුරුදු, ගම්මිරිස් ඇතුළු සුළු අපනයන බෝග වගාකරුවන්ට සහන රැසක් ලබාදෙමින් ඔවුන්ගේ අස්වනුවලට සාධාරණ මිලක් ලබාදීමට රජය පියවර ගත්බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.
The post සුළු අපනයන බෝග වගාකරුවන්ට වත්මන් රජයෙන් සහන රැසක් appeared first on ITN News.
Post a Comment