Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වසා දමා තිබූ නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ කටයුතු යළි ඇරඹෙයි  

Add comments

වසා දමා තිබූ නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ කටයුතු අද යළි ආරම්භ කෙරුණා. මේ අතර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙදුන් පවසන්නේ ඇතැම් එළවළු වර්ගවල මිල ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේදී අඩු වී ඇති බවයි.

එළවළු තොග නොලැබීම සහ නුවරඑළිය ගොවි උද්ඝෝෂණයට සහාය දැක්වීම හේතුවෙන් නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය පසුගිය දිනවල වසා දමා තිබුණා. අද එය විවෘත කිරීමෙන් පසු විශේෂ ප්‍රකාශයක් කරමින් සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසුවේ එහි තොග මිල 20%කින් පමණ ඉහළ ගොස් ඇති බවයි. තාවකාලිකව වසා දමා තිබීම සහ එළවළු තොග ලැබීමේ අඩුවක් පැවතීම ඊට හේතුව බවද ඔහු සඳහන් කළා.

මේ අතර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඇතැම් එළවළු වර්ගවල මිල අද දිනයේදී යම් තරමකට අඩු වී ඇති බව එහි වෙළෙදුන් පවසනවා. එහෙත් එළවළු වර්ග මිලදී ගැනීමට පැමිණෙන තොග වෙළෙදුන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බවයි අතරමැදි වෙළෙන්දන් පවසන්නේ.

කැප්පෙටිපොළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ  උඩරට එළවළු මිල ඉතා ඉහළ මට්ටමක පැවති බව වාර්තා වුණා. ගොවීන් පවසන්නේ වෙනදාට සාපේක්ෂව උඩරට එළවළු වෙළෙදපොළට පැමිණෙන්නේ 20%ක ප්‍රමාණයකින් බවයි ගොවීන් පවසන්නේ. වෙනත් දිනවල එළවළු කිලෝ ලක්ෂ පහක් පමණ පැමිණියද අද පැමිණ ඇත්තේ එළවළු කිලෝග්‍රෑම් ලක්ෂයක් පමණ බවයි ආර්ථික මධ්‍යස්ථාන වෙළෙදුන් පවසන්නේ.

මේ අතර පිටකොටුව නාටාමි එකමුතුව පවසන්නේ තම කුළී මුදල වැඩි කර ඇති බවයි. ඒ අනුව කිලෝග්‍රෑම් පනහේ මිටියක් බෑමට සහ පැටවීමට රුපියල් පහළොවක් අය කරන බව ඔවුන් පවසනවා. කිලෝග්‍රෑම් විසිපහේ මිටියක් බෑමට සහ පැටවීමට රුපයිල් දහයක්ද කිලෝග්‍රෑම් දහයේ මිටියක් බෑමට රුපියල් හයක්ද අය කරන බව නාටාමි එකමුතුව සඳහන් කරනවා.

 

The post වසා දමා තිබූ නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ කටයුතු යළි ඇරඹෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG