2070 වසර වන විට කාබන් විමෝචනය සම්පූර්ණයෙන් අත්හිටුවන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා.
ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට එක්වෙමිනුයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. කාබන් විමෝචනය අත්හිටුවීම සම්බන්ධයෙන් ඉන්දියාව පොරොන්දුවක් ලබා දුන් ප්‍රථම අවස්ථාව ද මෙය වනවා. කෙසේ වුවද ලොව අනෙකුත් රටවල් 2050 වසරේදී කාබන් විමෝචනය සම්පූර්ණයෙන් නතර කිරීමට පොරොන්දු ලබාදී තිබියදී ඉන්දියාව එය සිදු කිරීමට 2070 වසර දක්වා කාලය ලබා ගැනීම මතභේදයට තුඩුදී තිබෙනවා. එමෙන්ම චීනය කාබන් විමෝචනය සම්පූර්ණයෙන් නවතා දීමට 2060 වසරේදී හැකි බවටයි සඳහන් කරන්නේ.
The post 2070 වන විට කාබන් විමෝචනය සම්පූර්ණයෙන් අත්හිටුවන බව මෝදි කියයි appeared first on ITN News.
Post a Comment