Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ATM යන්ත්‍රයක තැන්පත් කිරීමට තිබූ මුදල් පැහැරගත් පුද්ගලයෙකු අත්අඩංගුවට  

Add comments

පෞද්ගලික බැංකුවක ට්‍රේලර් යන්ත්‍රයක තැන්පත් කිරීමට තිබූ රුපියල් කෝටි හයක මුදලක් පැහැරගත් පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකාය හැටන් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත්තා.

කොළඹ සිට නුවරඑළිය දක්වා මෙම මුදල් රැගෙන ගොස් ඇත්තේ පෞද්ගලික බැංකුවට ට්‍රේලර් යන්ත්‍රවලට යොමු කිරීම සඳහායි. එහිදී හැටන් නගරයේ ට්‍රේලර් යන්ත්‍රයට මුදල් දැමීම සිදු කරන අවස්ථාවේ වෑන් රථයේ රියදුරු එහි තිබූ මුදල්ද රැගෙන පලා ගොස් තිබෙනවා. රුපියල් හය කෝටි හැත්තැ හතර ලක්ෂ දහ නව දහස් හත්සියයක මුදලක් මෙලෙස එම පුද්ගලයා රැගෙන ගොස් ඇති බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ. මුදල් රැගෙන රියදුරු පලා ගිය මාර්ගය නවීණ උපකරණ යොදා ගනිමින් නිරීක්ෂණය කළ පොලිස් විශේෂ කාර්ය බලකාය රේන්දපොල ප්‍රදේශයේ දී ඔහු අත්අඩංගුවට ගත්තා.  මෙම පුද්ගලයා යුද හමුදාවේ සේවය කර පලා ගිය පුද්ගලයෙකු බවටයි හෙළි වී තිබෙන්නේ. විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත මහනුවර සේනාංක කලාප අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රත්තෙපිටිය මහතාගේ මග පෙන්වීමෙනුයි මෙම මෙහෙයුම සිදු කෙරුණේ.

 

 

The post ATM යන්ත්‍රයක තැන්පත් කිරීමට තිබූ මුදල් පැහැරගත් පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG