නයිජීරියාවේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් තුන් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
නයිජීරියාවේ ලාගෝස් නගරයේ ඉදිකරමින් පැවති තට්ටු 21ක ගොඩනැගිල්ලකුයි මෙලෙස කඩා වැටීමට ලක්ව ඇත්තේ. ගොඩනැගිල්ලේ සුන්බුන් තුළ පුද්ගලයින් රැසක් සිරව සිටින බව සහන කණ්ඩායම් පවසනවා. ඔවුන් ගලවා ගැනීම සඳහා මේ වන විටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. සුන්බුන් තුළ සිරව සිටි කම්කරුවන් තුන්දෙනෙකු බේරාගැනීමට ද සහන කණ්ඩායම් සමත් වුණා. කෙසේ වුවද ගලවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කිරීමට ප්‍රමාද වීම හේතුවෙන් ලාගෝස් නගර වැසියන් කලහකාරී ලෙස හැසිරුණු බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
The post නයිජීරියාවේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් තුන්දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment