ගතවූ පැය 24 ට ලොව පුරා රටවල් 221 කින් වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ රුසියාවෙන්.
අඛණ්ඩව සති දෙකක පමණ කාලයක් පුරා රුසියාවෙන් දෛනකිව වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව දහස ඉක්මවා තිබෙනවා. ඊයේ දිනයේ දී එරටින් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 1155 ක්. ඒ සමඟම එරට සමස්ත මරණ සංඛ්‍යාව 239,693 දක්වා ඉහළ ගියා. එමෙන්ම ඊයේ දිනයේ දී හමුවූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන 45934 හමුවී ඇත්තේ ඇමරිකාවෙන්. ඒ සමඟ ලොව සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව විසි හතර කෝටි හැත්තෑ නව ලක්ෂයකට ආසන්න වනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 5,020,658ක්.
The post ගතවූ පැය 24ට වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව රුසියාවෙන් වාර්තා වෙයි appeared first on ITN News.
Post a Comment