Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාවේදී ඇල්ලූ IS සැකකරුගේ ජංගම දුරකතනයේ ශ්‍රී ලාංකිකයන් 702 නෙකුගේ වගතුග  

Add comments

ඉන්දියාවේ දී අත්අඩංගුවට ගත් ISIS ත්‍රස්ත සංවිධානයට අයත් බව කියන සැකකරුගේ ජංගම දුරකථනයේ තිබී සොයාගත් ශ්‍රී ලාංකිකයින් 702 නෙකු සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව ත්‍රස්ත මර්දන කොට්ඨාශය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද දැනුම් දුන්නා.

මෙම පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. ත්‍රස්ත මර්දන කොට්ඨාශය එහිදී දැනුම් දුන්නේ ඉන්දියාවේ දී අත්අඩංගුවට ගත් ISIS සංවිධානයට සම්බන්ධ බව කියන සාමාජිකයාගේ ජංගම දුරකතනයේ වට්ස්ඇප් ගිණුම පරීක්ෂා කිරීමේ දී ශ්‍රී ලාංකිකයින් 702 නෙකුගේ තොරතුරු හෙළිවී ඇති බවයි. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙන අතර එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවද ත්‍රස්ත මර්දන කොට්ඨාශය අධිකරණයට දැනුම් දුන්නා.

 

The post ඉන්දියාවේදී ඇල්ලූ IS සැකකරුගේ ජංගම දුරකතනයේ ශ්‍රී ලාංකිකයන් 702 නෙකුගේ වගතුග appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG