Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සිරිල් ගාමිණී පියතුමා 3වන දිනටත් CIDයට එයි  

Add comments

සිරිල් ගාමිණී පියතුමන් අද තුන්වන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියා. එතුමන්ගෙන් මේ වන විටත් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කෙරෙන බවයි අප වාර්තාකරු පවසන්නේ.

2021 ඔක්තෝබර් 23 වනදා වීඩියෝ තාක්ෂණය ඔස්සේ දේශීය හා ජාත්‍යන්තර ප්‍රජාව අමතමින් සිරිල් ගාමිණී පියතුමන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධ කරුණු ඉදිරිපත් කර තිබෙනවා. එම ප්‍රකාශයන් පිළිබද පරීක්ෂණ සිදු කරන ලෙස රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානි මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබුණා. ඒ අනුවයි පියතුමන්ට අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණේ. ඒ අනුව මීට පෙර දින දෙකක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ප්‍රකාශ ලබාදීමට සිරිල් ගාමිණී පියතුමන් කටයුතු කළා. ***ප්‍රසන්න/ උදයකුමාර

මේ අතර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට නිසි ක්‍රියාමාර්ග නොගැනීම ඇතුළු චෝදනා යටතේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුවේ චෝදනා 855 ක් අද කොළඹ මහාධිකරණය හමුවේ කියවා භාර දෙනු ලැබුවා. මෙම නඩුව නාමල් බළල්ලේ, ආදිත්‍ය පටබැදිගේ හා මොහොමඩ් ඉර්ෂඩීන් යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැදවනු ලැබුවා. වැඩිදුර නඩු විභාගය පැවැත්වීමට නියමිතයි.

 

The post සිරිල් ගාමිණී පියතුමා 3වන දිනටත් CIDයට එයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG