Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ආන්ද්‍රා ප්‍රාන්තයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් 30දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 30 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක පිරිසක් අවතැන්ව සිටින බවයි වාර්තා වන්නේ. සතියක පමණ කාලයක් අඛණ්ඩව අධික වැසි ලැබීමත් සමගයි මෙම ගංවතුර තත්ත්වය හටගෙන ඇත්තේ.

ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසක ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණහිට තිබෙනවා. ඒ හේතුවෙන් සහන සේවා කටයුතු සැපයීමට ද බාධා පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. ඉන්දීය නාවික හා ගුවන් හමුදාව එක්ව අවතැන් වූ ජනතාවට ගුවනින් ආහාර ලබා දීමේ මෙහෙයුම් මේ වනවිටත් ආරම්භ කර තිබෙනවා.

 

 

The post ආන්ද්‍රා ප්‍රාන්තයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් 30දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG