Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්ද 93කින් සම්මතයි  

Add comments

2022 වසර සඳහා වන අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්ද 93 කින් අද පාර්ලිමේන්තුවේ දී සම්මත වුණා.

අයවැයට පක්ෂව ඡන්ද 153 ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 60 ක් පමණයි.

ලබන වසර සඳහා වන අය වැය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ පසුගිය 12 වනදායි. අය වැය දෙවන වර කියවීමේ විවාදය පසුගිය 13 වනදා ආරම්භ කෙරුණා. එය පුරා දින හතක් විවාදයට ලක් කෙරුණා. අයවැය දෙවනවර කියවීමේ විවාදය අද අවසන් කිරීමෙන් අනතුරුවයි ඡන්ද විමසීම පැවැත්වුණේ. සමඟි ජනබලවේගය ජනතා විමුක්ති පෙරමුණ හා ඉලංගෙයි තමිල් අරුසු පක්ෂය අයවැයට විරුද්ධව ඡන්දය ලබා දුන්නා. ආණ්ඩු පක්ෂය නියෝජනය කරන අමාත්‍ය ගාමිණි ලොකුගේ , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ටිරාන් අලස් හා සමන්ප්‍රිය හේරත් යන මහත්වරුන් කොරෝනා ආසාදනය හේතුවෙන් අද දින පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැහැ. විපක්ෂ මන්ත්‍රී මනෝ ගනේෂන් , රාසමානික්කම් ශානක්‍යන්, සී වී විග්නේෂ්වරන් හා එම් ඒ සුමන්දිරන් යන මන්ත්‍රීවරුන් ද සභා ගැබේ සිටිනු දක්නට ලැබුණේ නැහැ. අය වැය කාරක සභා අවස්ථාවේ විවාදය හෙට ආරම්භ වීමට නියමිතයි. එය ලබන මස 10 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා. අය වැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ අවසාන ඡන්ද විමසීම පැවැත්වෙන්නේ එදින පස්වරු 05ටයි.

 

The post අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්ද 93කින් සම්මතයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG