ඇෆ්ගනිස්ථාන ජනතාවට ලබාදෙන මානුෂීය ආධාර සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව දැඩි අවදානයෙන් කටයුතු කළ යුතු බව රතු කුරුස සංවිධානය නිවේදනය කරනවා.
ඇෆ්ගනිස්ථානය තුළ හටගෙන ඇති මානුෂීය අර්බුදය සමතයකට පත් කිරීමට නම් ජාත්‍යන්තර ප්‍රජාවගේ සහය අත්‍යවශ්‍ය බවයි රතු කුරුස සංවිධානය සඳහන් කරන්නේ. ඇෆ්ගනිස්ථානයට සම්බාධක පැනවීම , ආධාර අත්හිටුවීම හා මූලික අවශ්‍යතා සම්පාදනය අත්හිටුවීම ගැන නැවත සිතා බැලිය යුතු බවයි එම සංවිධානය අවධාරණය කරන්නේ. ශීත ඍතුව එළඹීමත් සමඟ ඇෆ්ගනිස්ථාන ජනතාවගේ ජීවිත දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබෙනවා. එරට ආර්ථිකය කඩා වැටීමත් සමඟ හටගෙන ඇති ආහාර අර්බුදය විසදීමට අවශ්‍ය කඩිනම් පියවර ගත යුතු බවයි ජාත්‍යන්තර සංවිධාන පෙන්වා දෙන්නේ. එසේ නොවුනහොත් මිලියන ගණනක් ඇෆ්ගන් ජනතාව සාගතයෙන් මිය යාමේ ඉඩක් පවතිනවා.
The post ඇෆ්ගනිස්ථාන මානුෂීය අර්බුදය සමතයකට පත් කිරීමට ජාත්‍යන්තර සහය අත්‍යවශ්‍යයි appeared first on ITN News.
Post a Comment