එම සාකච්ඡා සභාව චීනයේ ශංහයි නිදහස් වෙළඳ අත්හදා බැලීම් කලාපයේ දී ඊයේ (01) ආරම්භ විය. නොබෙල් සම්මානලාභීහු 68දෙනෙක් ඇතුළු ලොව ප්‍රමුඛ පෙළේ විද්‍යා සම්මානලාභීහු 131 දෙනෙක්, චීන විද්‍යා ඇකඩමියේ හා චීන ඉංජිනේරු ඇකඩමියේ විද්වත්හු, විවිධ රටවල තරුණ පරපුරේ ඉදිරි පෙළ විද්‍යාඥයෝ 132 දෙනෙක්, යොවුන් විද්‍යාඥයෝ 100 දෙනෙක් මෙන් ම විවිධ ක්ෂේත්‍රවල නියෝජිතයෝ ද ඊට එක්ව සිටියහ.
ලොව සම්මානනීය විද්‍යාඥයින්ගේ සංගමයේ සභාපති, 2006 වසරේ රසායනික විද්‍යාව සඳහා නොබෙල් සම්මානලාභී Roger David Kornberg මහතා යළි ශංහයි නගරයට පැමිණ එම සාකච්ඡා සභාවට සහභාගි වී සිටී. ඔහු එහිදී සඳහන් කළේ, ‘ මූලික විද්‍යාව ඉදිරියට ගෙන යමින්, අන්තර්ජාතික සහයෝගීතාව කෙරෙහි දැඩි අවධානයක් යොමු කර තරුණ පරපුරට සහාය දැක්වීම’ යන මෙහෙවර ලොව සම්මානනීය විද්‍යාඥයින්ගේ සංගමය හා එහි සාකච්ඡා සභාව අඛණ්ඩව ක්‍රියාවට නංවනු ඇති බවයි. මෙමගින්, චීනයේ හා ලෝකයේ විවිධ රටවල තරුණ විද්‍යාඥයන් වෙත සහායක් ලබා දෙන බව ද ඔහු කියා සිටියේ ය.
ලෝකයේ ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයන් විසින් ප්‍රථම වරට ස්ථාපනය කරන ලද ‘කාබන් සංසඳය’, ලෝකයේ ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයන් සෞඛ්‍ය සම්පන්න මාලාව, ලෝකයේ ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයන් රෝහල් පීඨාධිපතිවරුන් සාකච්ඡා සභාව ඇතුළු විවිධ වෘත්තීමය සාකච්ඡා සභා හා ක්‍රියාකාරකම් අද(02) හා හෙට(03) පැවැත්වීමට නියමිත ව තිබේ.
The post ලොව සම්මානනීය විද්‍යාඥයින්ගේ 4 වැනි සාකච්ඡා සභාව ඇරඹේ appeared first on ITN News.
Post a Comment