සිරිල් ගාමිණී පියතුමන් අද තුන්වන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියා. පැය පහකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුවයි පියතුමන් ඉන් පිටව ගියේ.
දේශීය හා ජාත්‍යන්තර ප්‍රජාව අමතමින් සිරිල් ගාමිණී පියතුමන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකින් තමාටත් තම පවුලේ අයටත් තර්ජන සිදු විය හැකි බවට රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානි මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබුණා.
එම පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සදහායි සිරිල් ගාමිණි පියතුමා අද දිනයේද අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට කැදවා තිබුණේ. මීට පෙර දින දෙකකදීද පියතුමා එහිදී සිය ප්‍රකාශය ලබා දුන්නා. අද සිරිල් ගාමිණි පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන අවස්ථාවේ එතුමන්ට සහය පළ කරමින් පියතුමන්ලා පිරිසක් නිහඩ සත්‍යග්‍රහයක නිරත වෙන ආකාරයද දැක ගත හැකි වුණා.
The post පැය 5කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දී සිරිල් ගාමිණී පියතුමා CIDයෙන් පිටව යයි appeared first on ITN News.
Post a Comment