චීනයේ 5G පර්යන්ත භාවිත කරන්නන් ප්‍රමාණය ලෝකයේ සමස්ත අගයෙන් 80% ඉක්මවයි.
මේ වන විට චීනයේ 5G සන්නිවේදන මධ්‍යස්ථාන ලක්ෂ 11.5ක් ස්ථාපිත කර ඇත. එය ලෝකයේ 5G සන්නිවේදන මධ්‍යස්ථාන ප්‍රමාණයෙන් 70%කට වැඩි ප්‍රමාණයක් ගනී. එය ලොව විශාලතම පරිමාණය, දියුණු ම තාක්ෂණය සහිත 5G ස්වාධීන ජාලය බවට පත්ව ඇත. චීනයේ සියළු නගර, 97%කට වැඩි කෝරළ හා 40%කට වැඩි ගම්මාන 5G ජාලයෙන් ආවරණය කර ඇත. චීනයේ 5G පර්යන්ත භාවිත කරන්නන් සංඛ්‍යාව මිලියන 450කි. එය ලෝකයේ අගයෙන් 80%කට වැඩි කොටසකි. චීනයේ 5G භාවිත කිරීමේදී නිර්මාණශීලී ආදර්ශයන් දස දහස ඉක්මවා ගොස් ඇත. ඉන් ජාතික ආර්ථික වැදගත් කර්මාන්ත 22ක් ආවරණය කෙරේ.
The post චීනයේ 5G පර්යන්ත භාවිත කරන්නන් ප්‍රමාණය ලෝකයේ ඉහළම මට්ටමක appeared first on ITN News.
Post a Comment