Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව පහළට  

Add comments

ඉන්දියාවේ දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව වාර්තාගත ලෙස පහළ ගොස් තිබෙනවා.

ගතවූ පැය 24ට ඉන්දියාවෙන් හමුවී ඇත්තේ වයිරස ආසාදිතයින් 6226 දෙනෙකු පමණයි. සිදුව ඇති මරණ සංඛ්‍යාව 20 ක්. කෙසේ වුවද මාසයක පමණ කාලයක සිට දෛනිකව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් අඛණ්ඩව වාර්තා වන්නේ රුසියාවෙන්. ඊයේ දිනයේ දී එරටින් වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 1224 ක්. එමෙන්ම ගතවූ පැය 24 ට වැඩිම වයිරස ආසාදිතයින් සංඛ්‍යාවක් හමුවී ඇත්තේ ජර්මනියෙන්. එම සංඛ්‍යාව 39000 කට ආසන්නයි. මේ වනවිට ලොව පුරා රටවල් 222 කින් හමුවී ඇති සමස්ත වයිරස ආසාදිතයින් සංඛ්‍යාව විසි හය කෝටි දා හත් ලක්ෂය ඉක්මවා තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 5,217,302ක්.

 

 

The post ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව පහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG