Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කාබනික පොහොර යොදා පුරන් කුඹුර අස්වැද්දීමේ වැඩසටහනක්  

Add comments

කාබනික පොහොර යොදා පුරන් කුඹුර අස්වැද්දීමේ වැඩසටහනක් රුවන්වැල්ල ප්‍රදේශයේදී පැවැත්වුණේද සෞභාග්‍යා ගෙවතුවගා සතියට සමගාමීවයි.

වෑන්දල සිරි විශුද්ධාරාමයට අයත් අක්කර තුනහමාරක පුරන්කුඹුරක් වගා කිරීමයි මෙහිදී සිදු කෙරුණේ. ගෙවතු වගා සදහා බීජ සහ පැළ බෙදා දීමටද කටයුතු කෙරුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රි සුදත් මංජුල මහතාගේ ප්‍රධානත්වයෙන්.

වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සෞභාග්‍යා ගෙවතුවගා වැඩසටහන පැවැත්වුණේ වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදීයි. කැප්පෙටිපොළ දඹවින්න බොරලන්ද සහ මිරහවත්ත යන ගොවිජන සේවා මධ්‍යස්ථාන ඒකාබද්ධවයි එය සංවිධාන කර තිබුණේ. තෝරාගත් ගොවි  පවුල් සියයකට මෙහිදී බීජ බෙදා දීම සිදු කෙරුණා.

කාබනික පොහොර යොදා කෝමාරිකා වගාකර සාර්ථක ලෙස ඉහළ ආදායමක් ලබා ගැනීමට මැදිරිගිරිය දිවුලන්කඩවල නෙළුම් පොකුණ ගම්මානයේ ගොවිමහත්මියක සමත්ව සිටිනවා. දූලිකා රණසිංහ නමැති මෙම ගොවි මහත්මිය පවසන්නේ අක්කර බාගයක කෝමාරිකා වගාවෙන් වරකට රුපියල් විසිපන්දහසක ආදායමක් උපයා ගන්නා බවයි.

මේ අතර කාබනික පොහොර පමණක් භාවිතයෙන් ඉහළ අස්වැන්නක් ලබා ගන්නා වැල්දොඩම් වගාවක් වව්නියාව උතුර ප්‍රදේශයේදී දැක ගත හැකි වුණා. මෙවර වෙනදාට වඩා ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට හැකිවූ බැවින් අස්වැන්න ඈත ප්‍රදේශවලට ද අලෙවි කිරීමට හැකිවූ බවයි වගා කරුවන් පවසන්නේ.

 

The post කාබනික පොහොර යොදා පුරන් කුඹුර අස්වැද්දීමේ වැඩසටහනක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG