කොවිඩ් අර්බුදය හමුවේ ශ්‍රී ලංකා රජය ගත් තීරණ හේතුවෙන් සංචාරක ක්ෂේත්‍ර යේ වර්ධනයක් මේ වනවිට සිදු වෙමින් පවතින බව ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර මහතා පවසනවා.
ජනාධිපති ලේකම්වරයා මේ බව සදහන් කළේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින්. සෞඛ්‍ය ක්ෂේත්‍රය ප්‍රවාහන, හෝටල් ආදි සංචාරක ක්ෂේත්‍රයට අදාළ සියලු කටයුතු වත්මන් රජය කළමනාකරණය කළ බවට ඒ මහතා සදහන් කළා. රටේ ආර්ථිකය කළමනාකරණය කෙරෙහි විශේෂ අවදානයක් යොමු කර ඇති අතර ඒ හේතුවෙන් ජයග්‍රහණ රැසක් මෙරටට ලගා කර ගත හැකි බවයි පී බී ජයසුන්දර මහතා වැඩිදුරටත් සදහන් කළේ.
මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආර් ආටිගල මහතා ද මෙම මාධ්‍ය හමුවට එක් වුණා.
The post සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනයක් appeared first on ITN News.
Post a Comment