Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මුදල් තොගයක් නීති විරෝධීව ඩුබායි රාජ්‍ය වෙත රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට  

Add comments

රුපියල් එක් කෝටි හතලිස් ලක්ෂ හැට දහසක් වටිනා දෙස් විදෙස් මුදල් තොගයක් නීති විරෝධි අයුරින් ඩුබායි රාජ්‍ය වෙත රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයෙකු රේගුව මගින් අත්අඩංගුවට ගත්තා.

විසි හත් හැවිරිදි කොළඹ පදිංචි ව්‍යාපාරිකයෙකු මෙසේ නීති විරෝධි අයුරින් මුදල් රැගෙන යාමට උත්සාහ දරා තිබෙනවා. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ රේගු නිලධාරීන් පිරිසක් ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු රැගෙන ආ අත් බෑගයේ ශ්‍රී ලංකා රුපියල් කෝටියක මුදලක් සහ ඇමරිකා ඩොලර් විසි දහසක මුදලක් සගවා තිබියදී සොයා ගෙන තිබෙනවා.

 

The post මුදල් තොගයක් නීති විරෝධීව ඩුබායි රාජ්‍ය වෙත රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG