Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීන ආසියන් සංගම් විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය පිහිටුවීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ  

Add comments

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා චීන-ආසියන් සංගම් සංවාද සබඳතාව ස්ථාපිත කිරීමේ 30 වන සංවත්සරයේ සැමරුම් නායක සමුළුවට එක් වෙයි.

සමුළුව ඊයේ(22) ෂී ජින්පිං මහතා ගේ ප්‍රධානත්වයෙන් වීඩි‍යෝ ආකාරයෙන් පැවැත්විණ.

චීනය හා ආසියන් සංගමය අතර සංවාද සබඳතාව ස්ථාපිත කර ගත වූ දශක තුන තුළ දෙපාර්ශ්වයට යුගයේ අවස්ථා ග්‍රහණය කර ගනිමින් ද්විපාර්ශ්වික සම්බන්ධතාව ඉමහත් සේ ඉහල නංවාලීමට හැකි වූ බව චීන ජනාධිපතිවරයා සමුළුව අමතමින් පැවසීය.

දෙපාර්ශ්වයේ වසර 30ක වටිනා අත්දැකීම් චීනයේ සහ ආසියාන් සංවිධානයේ පොදු සම්පතක් වන අතර, එය දෙපාර්ශ්වයන්ගේ පුළුල් උපායමාර්ගික හවුල්කාරී සම්බන්ධතාව වර්ධනය කිරීමට අඩිතාලම දමා ඇතැයි හෙතෙම පැවසීය. එම අත්දැකීම් ඉහළින් අගය කරමින් දීර්ඝ කාලයක් පවත්වා ගත යුතු අතර, නව භාවිතයන් තුළ එය සංවර්ධනය කළ යුතු බව හෙතෙම අවධාරණය කළේය.

අතීතයේ සිට වර්තමානය දක්වා ම චීනය ආසියන් සංගමයේ හොඳ අසල්වැසියෙකු, හොඳ මිතුරෙකු සහ හොඳ හවුල්කරුවෙකු වේ. එමෙන්ම අනාගතයේදී ද චීනය ආසියන් සංගමයේ හොඳ අසල්වැසියෙකු, හොඳ මිතුරෙකු සහ හොඳ හවුල්කරුවෙකු වනු ඇතැයි ෂී ජින් පිං මහතා පැවසීය. චීනය සිය අසල්වැසි රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ ප්‍රමුඛතා දිශාව ලෙස ආසියාන් සංගමය තෝරා ගන්නා අතර, ආසියන් සංගමයේ එකමුතුව සහ එහි ප්‍රජාව ගොඩනැගීමට නොසැලෙන ලෙස සහාය දෙමින් කලාපීය ව්‍යුහය තුළ ආසියන් සංගමයේ කේන්ද්‍රීය ස්ථානයට නොසැලෙමින් සහාය දක්වා කලාපීය සහ ජාත්‍යන්තර කටයුතුවල වැඩි කාර්යභාරයක් ඉටු කිරීමට ආසියාන් සංගමයට සහයෝගය දක්වන බව ද  ෂී ජින්පිං මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

චීන ආසියන් සංගම් විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය පිහිටුවීම අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇතැයි චීන ජනාධිපතිවරයා ප්‍රකාශ ක‍ළේය. මෙය ද්විපාර්ශ්වික සබඳතා ඉතිහාසයේ නව සන්ධිස්ථානයක් වන අතර කලාපීය සහ ලෝක සාමය, ස්ථාවරත්වය, සමෘද්ධිය සහ සංවර්ධනය සඳහා නව ජවයක් ලබා දෙනු ඇතැයි හෙතෙම පෙන්වා දුන්නේය.

 

The post චීන ආසියන් සංගම් විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය පිහිටුවීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG