Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

SLT ආයතනය රු. බිලියනයක වන්දි ඉල්ලා මනූෂට එරෙහිව නඩු පවරයි  

Add comments

අසත්‍ය සහ අපහාසාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාරට එරෙහිව නඩු පවරයි

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය (SLT) විසින් SJB පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාරට එරෙහිව කොළඹ දිසා අධිකරණයේදී නීතිමය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. SLT හි සන්නාම ප්‍රතිරූපයට සහ කීර්තිනාමයට දැඩි ලෙස පදනම් විරහිත සහ අසත්‍ය ප්‍රකාශයන් හේතුවෙන් ආපසු හැරවිය නොහැකි පාඩුවක් හා හානියක් සිදුවී ඇති බව සදහන් කරමින් අලාභහානි වශයෙන් බිලියනයක් ඉල්ලා මෙම නඩුව ගොනු කර ඇති බවයි SLT ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

SLT ආයතනය විසින් ජාතික ඖෂධ සහ නියාමන අධිකාරියේ (NMRA) දත්ත ගබඩා කර ඇති බවට චෝදනා කරන ලද අතර, SLT සහ SLT හි සභාපතිවරයා හිතාමතාම යටි අරමුණු සඳහා NMRA හි දත්ත විනාශ කළ බවට නානායක්කාර මහතා, සැප්තැම්බර් 3 වෙනිදා චෝදනා එල්ල කර තිබුණා.

නානායක්කාර මහතා විසින් කරන ලද ප්‍රකාශයන් අනර්ථයක් සිදුකිරීමේ අරමුණින් සහ සමාගමට අපකීර්තියක් ගෙනදීමේ අරමුණින් සිදු කරන ලද ප්‍රකාශයක් බවට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය අධිකරණ ප්‍රකාශයක් ඉල්ලා සිටින ලෙස නීතිමය ක්‍රියාමාර්ගය යටතේ ඉල්ලා සිටියි. ඉහත ප්‍රකාශය කිරීමේදී නානායක්කාර මහතා සමාගමට එරෙහිව නීතිවිරෝධීව සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නීත්‍යානුකූල අයිතීන්ට පටහැනිව ක්‍රියා කර ඇති අතර සත්‍යවාදී බව, මහජන ප්‍රතිලාභ හෝ වරප්‍රසාද මත පදනම් වූ නීත්‍යානුකූල ආරක්ෂාවක් නානායක්කාර මහතාට නොමැති බව SLT ආයතනය පවසයි.

නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රථම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය නානායක්කාර මහතා වෙත ඉල්ලීම් ලිපි දෙකක් යවා නිවැරදි කිරීමක් ප්‍රකාශයට පත් කරන ලෙසත් ඉල්ලා තිබෙන අතර නානායක්කාර මහතා ප්‍රකාශය කරන අවස්ථාවේ දී වුවද, නානායක්කාර මහතා අනුගමනය නොකළ ඩිජිටල් වේදිකාවල ඔහුගේ වැරදි පළ කිරීම් ඉවත් කරන ලෙසත් ඉල්ලීීීම් කර තිබුණා.

මෙම ගැටලුව සම්බන්ධයෙන් සමාගම විසින් කරන ලද ප්‍රකාශය මත වැඩිදුර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නානායක්කාර මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.

The post SLT ආයතනය රු. බිලියනයක වන්දි ඉල්ලා මනූෂට එරෙහිව නඩු පවරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG