Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උ. කොරියාවේ අමුතුම ශෝක කාලයක් – දින 11ක් සිනාසීම, මත්පැන්,සාප්පු සවාරි තහනම්  

Add comments

ලොව කිසිදු රටකින් මෙතෙක් වාර්තා නොවූ වෙනස් ආකාරයක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට උතුරු කොරියාව පියවර ගෙන තිබෙනවා. දින 11 ක කාලයක් එරට ජනතාව තම මිය ගිය නායකයා වෙනුවෙන් ශෝක විය යුතු බවටයි වත්මන් පාලකයා නියෝග කර තිබෙන්නේ.

උතුරු කොරියාවේ හිටපු නායක කිම් ජොන් ඉල් මිය ගොස් වසර 10 ක් පිරීම නිමිත්තෙන් ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ඔහුගේ පුත් වත්මන් නායක කිම් ජොන් උන් කටයුතු කළා. දින 11 ක කාලයක් සදහා ප්‍රකාශයට පත් කළ මෙම ශෝක කාලය තුළදී  එරට ජනතාවට සිනාසීම, මත්පැන් පානය කිරීම හෝ සාප්පු සවාරියේ යෙදීම තහනම් කිරීමටයි ඔහු නියෝග කර තිබෙන්නේ.

මෙය කඩ කරන ඕනෑම පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලෙසට උතුරු කොරියානු නායකයා එරට ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා දී ඇති බව වාර්තා වනවා. මෙම කාලය තුළදී තම ඥාතියෙකු මිය ගියද එම පවුලේ සාමාජිකයින්ට ඔවුන් වෙනුවෙන් ශෝක වීම තහනම් කර තිබෙනවා. මෙම ශෝක කාලය තුළ උපන්දින සාද හා සැමරීම් පවා තහනමට ලක් කිරීමටයි කටයුතු කර ඇත්තේ. උතුරු කොරියා නායකයා තම පියාගේ ස්මාරකය අසලට ගොස් ගරු බුහුමන් කරන ආකාරය එරට මාධ්‍ය වාර්තා කර තිබුණේ මේ ආකාරයෙන්.

The post උ. කොරියාවේ අමුතුම ශෝක කාලයක් – දින 11ක් සිනාසීම, මත්පැන්,සාප්පු සවාරි තහනම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG