ශ්‍රී ලංකා නාවික හමුදාවේ 71වන සංවත්සරයට සමගාමී ලෙස වයඹ නාවික විධානය මගින් කඩොලාන පැළ ලක්ෂයක් රෝපණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණා.
හලාවත කලපුවේ සිට වනාතවිල්ලුව, එළුවන්කුළම ගගේ වාඩිය දක්වා විවිධ වර්ගයේ කඩොලාන පැළ ලක්ෂයක් සිටුවීමට නාවික හමුදාව පියවර ගෙන තිබෙනවා. සංකේතාත්මක ලෙස පැළ සිටුවීම සදහා නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න මහතා අද එක්වුණා. හලාවත පුත්තලම කල්පිටිය කලපුවේ ඕලන්ද ඇල/ කලාඔය, මල්වතු ඔය සහ මෝදර ගම් ආරු ඉවුරු ඛාදනය වීම අවම කිරීම සදහා පවතින කඩොලාන ඝනත්වය වර්ධනය කිරීමටයි නාවික හමුදාව සැලසුම් කර ඇත්තේ. කඩොලාන පැළ සිටුවීමෙන් පසු පුත්තලම කළපු තිරයේ ඉදිකළ නව ජැටිය විවෘත කිරීම ද සිදුවුණා. මේ තුළින් පුත්තලම සිට කල්පිටිය සහ නොරොච්චෝලේ යන ස්ථාවලටත් උච්චිමුනෙයි, ගගේවාඩිය බත්තලංගුණ්ඩුව යන දූපත්වලටත් බෝට්ටු මාර්ගයෙන් පහසුවෙන් ගමන් කිරීමට හැකිවනවා. සංචාරක කර්මාන්තය දියුණු කිරීමට ද එය මනා පිටුවහලක් වන බවයි නාවික හමුදාව පැවසුවේ.
කඩොලාන පැල ලක්ෂයක් රෝපණය කිරීමේ වැඩසටහනට වයඹ ප්‍රධාන ලේකම් පීඑම් සිරිසේන පුත්තලම දිස්ත්‍රික් ලේකම් කේජී විජේසිරි, වයඹ නාවික හමුදා ප්‍රදේශභාර රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. ලංකා සුළු ධීවර සංගමය ඉන්සි සිමෙන්ති ආයතනය හා ලක්විජය ගල් අගුරු බලාගාරය මේ සදහා අනුග්‍රහය ලබා දෙනවා.
The post නාවික හමුදාවෙන් කඩොලාන පැළ ලක්ෂයක් රෝපණය කිරීමේ වැඩසටහනක් appeared first on ITN News.
Post a Comment