2018 වසරේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පිහිටි බුද්ධගයා විහාරස්ථාන භූමියේ සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් චූදිතයන් 8 දෙනෙකුට පට්නා අධිකරණය මගින් ඊයේ සිර දඩුවම් නියම කළා. ඒ අනුව චූදිතයන් 3 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හිමිවූ අතර තවත් 5 දෙනෙකුට වසර 10 බැගින් සිර දඩුවම් නියම කර තිබෙනවා.
2018 වසරේ ජනවාරි 19 වනදා බුද්ධගයාවේ මහා බෝධී විහාරස්ථානය ඉදිරිපිට පිපිරීමක් සිදුවූයේ දලෙයිලාමා තුමා තවත් භික්ෂූන් වහන්සේ පිරිසක් සමග ආගමික කටයුත්තක නිරතව සිටියදීයි. පිපිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් බංග්ලාදේශය කේන්ද්‍රකර ගත් ත්‍රස්ත කණ්ඩායමකට සම්බන්ධ අනුගාමිකයන් බව හදුනාගැණුනා. එම අවස්ථාවේදී භික්ෂූන් වහන්සේ ඇතුලු විදේශ සංචාරකයින් පිරිසක් එම ස්ථානයේ රැදී සිටි බවත් ඉන්දීය ජාතික ඔත්තු සේවාව පට්නා අධිකරණය වෙත දැනුම් දී තිබුණා. පිපිරීමෙන් ස්වාමීන් වහන්සේ දෙදෙනෙකු තුවාල ලැබුවා.
The post බුද්ධගයා පිපිරුම් නඩුව සම්බන්ධයෙන් තිදෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් appeared first on ITN News.
Post a Comment