Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

“එක් තීරයක් එක් මාවතක්” යටතේ අන්තර්ජාතික සහයෝගීතා තවදුරටත් තීව්‍ර කෙරේ  

Add comments

චීනය රටවල් 145ක් සහ ජාත්‍යන්තර සංවිධාන 32ක් සමඟ “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ පොදුවේ ගොඩනැගීම සඳහා සහයෝගිතා ලේඛන 200කට අධික සංඛ්‍යාවක් අත්සන් තබා ඇතැයි චීන ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කමිටුවේ ප්‍රකාශිකා Meng Wei මහත්මිය පසුගියදා ප්‍රකාශ කළාය.

මෑතදිනවල, චීනය, මධ්‍යමඅප්‍රිකානුජනරජය, ගිනියා-බිසවු, එරිත්‍රියාව, බුර්කිනාෆාසෝ, සාඕටෝම් සහ ප්‍රින්සිපේ සහ අනෙකුත් අප්‍රිකානු රටවල් සමග “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ පොදුවේ ගොඩනැගීම සඳහා සහයෝගිතා ලේඛන අත්සන් තැබීය.

මෙම වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා, චීන-යුරෝපීය භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සේවා 13,817ක් ක්‍රියාත්මක කර ඇති අතර, සම්මත බහාලුම් මිලියන 1‍.332ක් ප්‍රවාහනය කරන ලද අතර, එය පිළිවෙළින් 23%ක සහ 30%ක වාර්ෂික වර්ධනයක් බව Meng Wei මහත්මිය සඳහන් කළාය.

2020 වසරේ සිට, නව කොරොනා වසංගතයට එරෙහිව සටන් කිරීමට චීනය අදාළ රටවල් සමඟ අත්වැල් බැඳගෙන “එක් තීරයක් එක් මාවතක්” යටතේ ආර්ථික සහ වෙළඳ සහයෝගීතාව ප්‍රවර්ධනය කර තිබේ. භාණ්ඩ වෙළඳාමේ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.35ක නව ඉහළ මට්ටමකට පැමිණ තිබේ. එය ගෝලීය වසංගත විරෝධී සහයෝගීතාවන්ට සහ ආර්ථික ප්‍රකෘතියට ප්‍රබල ශක්තියක් ලබාදී ඇත.

The post “එක් තීරයක් එක් මාවතක්” යටතේ අන්තර්ජාතික සහයෝගීතා තවදුරටත් තීව්‍ර කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG