Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විමල් – වාසු – ගම්මන්පිල කැබිනෙට්ටුවේ සාමුහික වගකීම කඩලා -නීතිපති කියයි  

Add comments

විමල් වීරවංශ, උදය ගම්මන්පිල හා වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කඩකර ඇති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ දී ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් සාමූහික වගකීමට වඩා හෘද සාක්ෂිය ලොකු බවයි ඇමති උදය ගම්මන්පිල මහතා කියාසිටියේ.

කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරයේ රජයට අයත් 40% ක කොටස් ඇමෙරිකා සමාගමකට ලබාදීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලමින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත්කර තිබෙනවා. අදාළ පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ එල්.ටී.බී. දෙහිදෙණිය යන පංච පුද්ගල විනිසුරුමඩුල්ල ඉදිරියේ අද දෙවන දිනටත් විභාගයට ගැණුනා. මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට පක්‍ෂව අමාත්‍යවරුන් තුන්දෙනා ඉදිරිපත්කර ඇති දිවුරුම් පෙත්සම් ව්‍යවස්ථාවට පටහැනි බව නීතිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාරව ඔවුන් අමාත්‍ය මණ්ඩලයේ සාමූහිකත්වය ආරක්‍ෂා කිරීමට බැඳී සිටිනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්‍ෂා කරන බවට දිවුරුම්දී සිටින එම අමාත්‍යවරු ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් මෙම දිවුරුම් පෙත්සම් ඉදිරිපත් කර ඇති බවයි නීතිපතිවරයා ප්‍රකාශ කළේ. වැඩිදුර නඩු විභාගය ජනවාරි 10 වනදා තෙක් කල්තැබුණා.

The post විමල් – වාසු – ගම්මන්පිල කැබිනෙට්ටුවේ සාමුහික වගකීම කඩලා -නීතිපති කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG