පාකිස්තානයේ බැංකුවක් තුළ සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පාකිස්තානයේ කරච්චි අගනුවර පිහිටි බැංකුවකයි මෙම පිපිරීම සිදුව ඇත්තේ. අපද්‍රව්‍ය ප්‍රවාහන නලයක සිදුවූ ගෑස් කාන්දුවක් මෙම පිපිරුමට හේතුවී ඇති බව කරච්චි පොලිසිය සඳහන් කරනවා. පිපිරීම හේතුවෙන් කඩාවැටී ඇති සුන්බුන් අතර සිරව සිටින පිරිස් සොයා මේ වන විට මෙහෙයුම් ක්‍රියාත්මකයි. මරණ සංඛ්‍යාව ද ඉහළ යා හැකි බවට සහන කණ්ඩායම් අනතුරු අඟවනවා. බැංකුව අසළ නවතා තිබු රථවාහන රැසකට ද පිපිරීමෙන් අලාභ හානි සිදුව ඇති බව සඳහන්.
The post පාකිස්තානයේ බැංකුවක් තුළ සිදුවූ පිපිරීමකින් 14 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment