ලොව පුරා රටවලින් දෛනිකව වාර්තාවන කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව යළිත් වරක් ඉහළ ගොස් තිබෙනවා.
ගතවූ පැය 24 දී පමණක් ලොවපුරා රටවල් 222කින් හමුවී ඇති වයිරස ආසාදිතයින් සංඛ්‍යාව පන්ලක්ෂ හැටදහසකට ආසන්නයි. සිදුව ඇති මරණ සංඛ්‍යාව 5156ක්. ඊයේ දිනයේදී වැඩිම කොරෝනා මරණ සිදුව ඇත්තේ රුසියාවේයි. එම සංඛ්‍යාව 1076ක්. වැඩිම කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව වන 90418 වාර්තා වන්නේ බ්‍රිතාන්‍යයෙන්. ඒ සමඟම ලොව සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව විසිහත් කෝටි හතලිස් පන් ලක්ෂය ඉක්මවා ගියා. සිදුව ඇති මරණ සංඛ්‍යාව පනස් තුන් ලක්ෂ හැට හය දහස් පන්සිය දහසයක්.
The post ලොව පුරා කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව යළිත් වරක් ඉහළට appeared first on ITN News.
Post a Comment