මෙරට කර්මාන්තකරුවන්ට බලපා ඇති ගැටලු ජය ගැනීම සඳහා පසුගිය වසර 2 තුළ ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදුන් බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. ඉදිරියටත් එම සහයෝගය ලබාදෙන බවයි ඒ මහතා කියා සිටියේ.
2022 ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය පිළිබඳ මාධ්‍ය හමුවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. දේශීය කර්මාන්තකරුවන් නගා සිටුවීමේ අරමුණින් මෙම ප්‍රදර්ශනය පැවැත්වෙනවා. ප්‍රදර්ශනයේ ලාංඡනය එළිදැක්වීමද කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මිහිලක මැදුරේදී සිදු කෙරුණා. ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය ලබන මස 28/29 සහ 30 යන දිනවලදී කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙනවා. කර්මාන්ත ක්ෂේත්‍ර 20 ක් නියෝජනය කරමින් ඉදිරි පෙළ කර්මාන්තකරුවන් 300 දෙනෙකු පමණ ප්‍රදර්ශනයට එක්වීමට නියමිතයි.
The post කර්මාන්තකරුවන්ට බලපාන ගැටලු ජය ගැනීමට ඉදිරියටත් උපරිම සහයෝගය appeared first on ITN News.
Post a Comment