ආසියා-ශාන්තිකර කලාපයේ වාණිජ භාණ්ඩ වෙළෙඳාම මෙම වසර තුළ බලවත් පුනරුත්ථාපනයක් ඉටු කර ඇතැයි එක්සත් ජාතීන්ගේ ආසියා-ශාන්තිකර ආර්ථික හා සමාජ කොමිසම පවසයි. එම කොමිසම පසුගියදා තායිලන්තයේ බැංකොක් අගනුවරදී නිකුත් කළ “2021/2022 දී ආසියා-ශාන්තිකර වෙළඳ සහ ආයෝජන ප්‍රවණතා” වාර්තාවේ මේ බව දැක්වේ. වෙළඳ භාණ්ඩ අපනයන සහ ආනයන වටිනාකම් 2020 වසරේ අදාළ කාලසීමාවට වඩා පිළිවෙළින් 23.1% සහ 22.8% කින් වර්ධනය වනු ඇති අතර සමස්ත වෙළඳ වටිනාකම කොවිඩ් 19 වසංගතයට පෙර කාලයේ මට්ටම ඉක්මවා යනු ඇතැයි අපේක්ෂා කරන බව එම වාර්තාවෙහි සඳහන් වේ.
කොවිඩ් 19 වසංගතයෙන් එල්ල වූ බලපෑම් යටතේ ගෝලීය ආර්ථිකය නැවත වරක් අභියෝගාත්මක වසරක් අත්විඳ ඇති නමුත් 2021 දී ආසියා-ශාන්තිකර කලාපයේ භාණ්ඩ වෙළඳාම සෙසු කලාපවලට වඩා කැපී පෙනෙන සේ යහපත් බව එම වාර්තාවේ සඳහන් වේ.
The post ආසියා-ශාන්තිකර කලාපයේ වාණිජ භාණ්ඩ වෙළෙඳාමේ කැපීපෙනෙන තත්ත්වයක් appeared first on ITN News.
Post a Comment