Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නව නිරෝධායන නීතිවලට විරෝධය දක්වමින් බ්‍රිතාන්‍යයේ උද්ඝෝෂණ  

Add comments

කොරෝනා වයිරසයේ නව ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය පාලනය කිරීමට බ්‍රිතාන්‍ය රජය හදුන්වාදුන් නව නිරෝධායන නීතිවලට විරෝධය දක්වමින් එරට ජනතාව උද්ඝෝෂණ ආරම්භ කර තිබෙනවා.

බ්‍රිතාන්‍ය පුරා සිදුවන ඔම්ක්‍රෝන් ප්‍රභේදයේ සීඝ්‍ර ව්‍යාප්තිය පාලනය කිරීමට බ්‍රිතාන්‍ය රජය නව නීති හඳුන්වාදුන්නා. මේ වන විටත් එරටින් හමුවී ඇති ඔමික්‍රෝන් ප්‍රභේදයේ ආසාදිතයින් සංඛ්‍යාව විසිපන්දහසකට ආසන්න  බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. එමෙන්ම කොරෝනා වයිරසය හේතුවෙන් මිය ගිය පුද්ගලයින් කිහිප දෙනෙකුට ආසාදනය වී ඇත්තේ ඔමික්‍රෝන් ප්‍රභේදය බවට සැක පළකරනවා. කෙසේ වුවද නව නීතිවලට විරෝධය දක්වමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කාර්යාලය අසලට රැස්වූ උද්ඝෝෂකයින් හා පොලිසිය අතර ගැටුම් ද හටගත්තා. ගැටුම් අතර තුරදී පොලිස් නිලධාරීන් රැසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

 

 

 

 

The post නව නිරෝධායන නීතිවලට විරෝධය දක්වමින් බ්‍රිතාන්‍යයේ උද්ඝෝෂණ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG