Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ව්‍යාජ රත්‍රන් තොගයක් අලෙවි කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට  

Add comments

නිධානයකින් සොයාගත් බව පවසමින් ව්‍යාජ රත්‍රන් තොගයක් අලෙවි කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු කුරුවිට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා.

කුරුවිට ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට රුපියල් ලක්ෂ 60කට මෙම රත්‍රන් තොගය අලෙවි කිරීමට රැගෙන එන බවට පොලිසියට තොරතුරක් ලැබුණා. ඒ අනුවයි උපාය ධුතයෙකු යොදවමින් වැටලීම සිදු  කෙරුණේ. එහිදී ව්‍යාජ රත්‍රන් කිලෝ දෙකකට ආසන්න ප්‍රමාණයක් සමඟ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කළා. සැකකරු අවිස්සාවේල්ල තල්දූව ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි පුද්ගලයෙක්. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සමඟ සිටි තවත් අයෙකු පැන ගොස් ඇති අතර එම පුද්ගලයා සහ රත්‍රන් ජාවාරම සිදුකළ තවත් පුද්ගලයෙකු සොයා පොලිසිය පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.

 

 

 

 

 

 

The post ව්‍යාජ රත්‍රන් තොගයක් අලෙවි කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG