විදේශයකදී නිෂ්පාදනය කළ ජීව අත් බෝම්බ 2 ක් හා කුඩා ගිනි අවි දෙකක් මෙන්ම උණ්ඩ තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා.
කළුතර තෙබුවන දෙල්ගොඩ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මේවා අත්අඩංගුවට ගෙන තිබෙනවා. අගල් 6 ක් පමණ දිගැති පැන්සලක ස්වරූපයෙන් යුත් ගිනි අවි දෙකක් ද මේ අතර වනවා. ජීව උණ්ඩ 423 ක් අත්අඩංගුවට ගැණුනා. වයස අවුරුදු 42 ක සැකකරුවෙකු අත්අඩංගුවට ගත් අතර ඔහුගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කර තිබෙනවා. බුද්ධි තොරතුරකට අනුවයි වැටලීම සිදු කෙරුණේ. වැඩිදුර විමර්ශන සදහා සැකකරු තෙබුවන පොලීසියට භාර දී තිබෙනවා.
The post ජීව අත් බෝම්බ 2ක්,ගිනි අවි 2ක් සහ උණ්ඩ තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment