Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දුනීසියාවෙන් ඔමික්‍රෝන් ආසාදිතයෙකු සොයා ගැනේ  

Add comments

ඉන්දුනීසියාවේ ප්‍රථම ඔමික්‍රෝන් ආසාදිතයා වාර්තා වූ බව එරට සෞඛ්‍ය අංශ අද නිවේදනය කළා.

ඉන්දුනීසියාවේ ඔමික්‍රෝන් ආසාදනය වූ පුද්ගලයා එරට කෙමයොරාන් ක්‍රීඩා ගම්මානයේ රෝහල් කාර්ය මණ්ඩල සේවකයෙකු බවයි පැවසෙන්නේ. ඔහු කිසිඳු විදේශ ගමනකට සම්බන්ධ වූ පුද්ගලයෙකු නොවන බවට හඳුනාගෙන තිබෙනවා. කෙසේ නමුත් මීට පෙර බ්‍රිතාන්‍යයේ සහ ඇමෙරිකාවේ සිට පැමිණි පුද්ගලයින් පස් දෙනෙකු එම ක්‍රීඩා ගම්මානයට පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි පැවසෙන්නේ. ඒ හේතුවෙන් අදාළ පුද්ගලයින් පස්දෙනා සහ වයිරසය ආසාදනය වූ පුද්ගලයා ද නිරෝධායනයට යොමුකිරීමට කටයුතු කර තිබෙනවා. මේ වනවිට ඔමික්‍රෝන් වයිරසය ලොව රටවල් 70 ක් පුරා පැතිරගොස් ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.

 

 

              

The post ඉන්දුනීසියාවෙන් ඔමික්‍රෝන් ආසාදිතයෙකු සොයා ගැනේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG