Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ වැඩිම දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ වාර්තා වෙයි  

Add comments

කොවිඩ් වසංගතය ආරම්භයෙන් පසු බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ වැඩිම දෛනික ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ වාර්තා වුණා. එම සංඛ්‍යාව හැත්තඅට දහස් හයසිය දහයක්.

බ්‍රිතාන්‍යයෙන් වැඩිම දෛනික කොරෝනා ආසාදිතයන් වාර්තා වුණේ ඔමික්‍රෝන් ප්‍රභේදය එරට තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් ඇති පසුබිමකයි. කෙසේවෙතත් පවතින අවදානම් තත්ත්වය හමුවේ ඉදිරි සති කිහිපය තුළ බ්‍රිතාන්‍ය තුළ සෞඛ්‍ය අවදානම තවදුරටත් තීව්‍ර වනු ඇති බවටයි එරට සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවන්නේ. මේ වන විට එරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගෙන් බහුතරයක් ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිතවූවන් බවයි පැවසෙන්නේ. ඉන් වැඩිම පිරිසක් හඳුනාගෙන ඇත්තේ ලන්ඩන් නුවරින්. යළිත් බ්‍රිතාන්‍යය තුළ ආසාදිතයන් රෝහල්ගතවීමේ ප්‍රවණතාවයක් ද දක්නට ලැබෙන බවයි එරටින් ලැබෙන වාර්තා සඳහන් කරන්නේ.

 

 

 

The post බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ වැඩිම දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ වාර්තා වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG