කැලිෆෝනියා ප්‍රාන්තයේ ඔරේන්ජ් කලාපය ආශ්‍රිතව ඇතිවූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කීපයක නායයෑම් සිදුව තිබෙනවා.
නායයෑම් හේතුවෙන් හානියට පත්වූ ගොඩනැගිලි තුළ සිරවූ පිරිස් බේරා ගැනීමට සහන කණ්ඩායම් යෙදවීමටයි ප්‍රාන්ත බලධාරීන් කටයුතු කර තිබෙන්නේ. ඉදිරි දින කීපය තුළ වැසි තත්ත්වයේ වර්ධනයක් ඇතිවීමට ඉඩ ඇති බැවින් තවදුරටත් නායයෑම් තත්ත්වය දරුණුවිය හැකි බවටයි කැලිෆෝනියා ප්‍රාන්ත කාලගුණ අංශ අනතුරු ඇඟවීම් නිකුත්කර තිබෙන්නේ. පසුගිය දින කීපය තුළ ඇතිවූ ටොනෙඩෝ තත්ත්වයන් හේතුවෙන් ඇමෙරිකාවේ ප්‍රාන්ත කීපයකට ද දැඩි බලපෑම් එල්ලවුණා.
The post කැලිෆෝනියා ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයක් නායයයි appeared first on ITN News.
Post a Comment