Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීනය හා රුසියාව බලවත් රටවලට පැවරෙන ගෝලීය වගකීම භාරගෙන ඇතැයි චීන ජනපති පවසයි  

Add comments

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා 15වැනිදා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටීන් මහතා සමඟ වීඩියෝ ආකාරයෙන් සාකච්ඡා පැවැත්වීය.

වර්තමානයේ ලෝකය දරුණු අවදියක පසුවන අතර, චීන-රුසියානු සබඳතාව විවිධාකාර අසීරුතා හා විපර්යාසයන්ට ලක්ව, මේ වනවිට නව ජීවයක් සාක්ෂාත් කර ඇති බව ෂී ජින් පිං මහතා හමුවේ දී පැවසීය. චීන -රුසියානු අසල්වැසි මිත්‍රශීලි සහයෝගිතා ගිවිසුම දීර්ඝ කිරීම හා ඊට නව යුගයේ අන්තර්ගතයන් එක් කිරීම සඳහා දෙපාර්ශ්වයේම අනුමැතිය පළවිය.

චීන රුසියා පූර්ණ ප්‍රායෝගික සහයෝගිතාවෙන් පුළුල් දේශපාලන වාසියක් අත්වන බව ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය. මේ වසරේ ගෙවී ගිය කාර්තු තුන තුළ ද්විපාර්ශ්වික වෙළඳාම ප්‍රථම වරට ඇමරිකානු ඩොලර් මිලියන 10 ඉක්මවා ගොස් ඇත. ඒ අනුව, මේ වසරේ ද්විපාර්ශ්වික සමස්ත වෙළඳාම  ඉතිහාසයේ ඉහළ ම අගය වාර්තා කිරීමේ අවකාශ පවතී.

චීනය හා රුසියාව අතර දැවැන්ත උපාය මාර්ගික ව්‍යාපෘති මාලාවක් මැනැවින් ක්‍රියාත්මක කර තිබේ. එසේම එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ හා යුරෝපා ආසියා ආර්ථික සංගමය මනා ලෙස ප්‍රවර්ධනය කර ඇත. සැබෑ බහුපාර්ශ්විකවාදය අනුගමනය කිරීමේ, ජාත්‍යන්තර සාධාරණත්වය සහ යුක්තිය රැක ගැනීමේ ප්‍රධාන පාර්ශ්වකරුවන් බවට දෙරට පත්ව ඇතැයි ද ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.

නුදුරේදී පැවැත්වෙන බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් උළෙලට ව්ලැදිමීර් පුටීන් මහතා සහභාගි වනු ඇත. බෙයිජිං හිදී රුසියානු ජනාධිපතිවරයා හමුවීමට බලාපොරොත්තුවෙන් සිටින බව චීන ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ ය. රුසියාව සමඟ එක්ව අනාගතයට පොදුවේ මුහුණ දෙමින් ‍පශ්චාත් වසංගත යුගයේ චීන-රුසියානු සබඳතාවයේ නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ ය.

පසුගිය දා පැවති චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂයේ 19වැනි මධ්‍යම කාරක සභාවේ 6වැනි පූර්ණ සැසිය පිළිබඳ විග්‍රහ කරමින් , ෂී ජින් පිං මහතා රුසියානු ජනාධිපතිවරයා වෙත චීන කොමියුනිස්ට් පක්ෂයේ මූලික පාලන සංකල්පය පහදා දුන්නේ ය. සමස්ත චීන ජනතාවට සතුටුදායක ජීවිතයක් උරුම කර දීම චීන කොමියුනිස්ට් පක්ෂයේ පරම අරමුණ බව චීන ජනාධිපතිවරයා පැවසීය.

 

 

The post චීනය හා රුසියාව බලවත් රටවලට පැවරෙන ගෝලීය වගකීම භාරගෙන ඇතැයි චීන ජනපති පවසයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG