පිලිපීනයට බලපෑ රායි සුළි කුණාටුව හේතුවෙන් ජීවිතක්ෂයට පත් සංඛ්‍යාව 200 ඉක්මවා ගොස් තිබෙනවා.
රායි සුළි කුණාටුවෙන් පිලිපීනයේ පුද්ගලයින් 208 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරනවා. තවත් පුද්ගලයින් 239 දෙනෙකු තුවාල ලබා ඇති අතර පනස් දෙදෙනෙකු අතුරුදහන්ව ඇති බවයි වාර්තා වන්නේ.
පිලිපීනයට මෙම වසරේ දී බලපෑ දරුණුතම හා මාරාන්තිකම සුළි කුණාටුව මෙය බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තවදුරටත් සඳහන් කරන්නේ. ලක්ෂ තුනක පමණ පිරිසක් අවතැන් භාවයට පත්ව ඇති අතර පාසල් , රජයේ ගොඩනැගිලි හා රෝහල් ඔවුන් රඳවා තබා ගැනීමට යොදාගෙන තිබෙනවා. පැයට කිලෝමීටර 195 ක පමණ වේගයෙන් හමා ගිය රායි සුළි කුණාටුවෙන් දේපොළ හානි රැසක් සිදුව තිබෙනවා. ඇතැම් ප්‍රදේශවල ගමනාගමනය හා විදුලි බලය සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති බවද සඳහන්. සහන කටයුතු සඳහා හමුදා සෙබළුන් , වෙරළාරක්ෂක භටයින් හා ගිනි නිවන භටයින්ගෙන් සමන්විත දහස් ගණනක කණ්ඩායමක් යොදවා තිබෙනවා.
The post රායි සුළි කුණාටුව හේතුවෙන් පිලිපීනයේ ජීවිතක්ෂයට පත් සංඛ්‍යාව 200 ඉක්මවයි appeared first on ITN News.
Post a Comment