ගතවූ පැය 24ට ලොව පුරා රටවල් 222කින් හමුවී ඇති කොරෝනා වයිරස් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 5 ඉක්මවා තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 4599ක්.
ඊයේ දිනයේ දී වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් සිදුව ඇත්තේ රුසියාවෙන්. එම සංඛ්‍යාව 1132ක්. ඒ සමගම එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දෙලක්ෂ අනූදහසකට ආසන්න වනවා. එමෙන්ම ගතවු පැය 24ට වැඩිම ආසාදිත සංඛ්‍යාවක් හමුවී ඇත්තේ ඇමෙරිකාවෙන්.
ඊයේ දිනයේදී එරටින් හමුවූ වයිරස් ආසාදිතයින් අසූහයදහස් නවසිය හැට තුන් දෙනා සමගින් ඇමෙරිකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව පන්කෝටි නව ලක්ෂය ඉක්මවා ගියා. මේ අතර ලොව සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව විසිහත් කෝටි දසලක්ෂය ඉක්මවා ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරන්නේ. සිදුව ඇති මරණ සංඛ්‍යාව පනස්තුන් ලක්ෂ විසිහත් දහස් අටසිය පහක්.
The post ගතවූ පැය 24ට රටවල් 222කින් ආසාදිතයින් ලක්ෂ 5 ඉක්මවා හමු වෙයි appeared first on ITN News.
Post a Comment