Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඔමික්‍රෝන් මැඩපැවැත්වීමට ඒන්නත් මාත්‍රා 2ක් ප්‍රමාණවත් නැති බව හෙලි වෙයි  

Add comments

නව ඔමික්‍රෝන් ප්‍රභේදය මැඩපැවැත්වීමට කොරෝනා වයිරසයට එරෙහි එන්නතෙහි මාත්‍රා දෙකක් ප්‍රමාණවත් නොවන බව නවතම සමීක්ෂණයකින් හෙලිව තිබෙනවා.

වයිරසයට එරෙහි එන්නතෙහි මාත්‍රා දෙකකින් ඔමික්‍රෝන් ප්‍රභේදය පාලනය කිරීමට අවශ්‍ය ප්‍රතිදේහ ප්‍රමාණය නිෂ්පාදනය නොවන බවයි බ්‍රිතාන්‍ය පර්යේෂකයින් පවසන්නේ. ඔම්ක්‍රෝන් ප්‍රභේදයේ ආසාදිතයින් හා එන්නත් මාත්‍රා දෙකක් පමණක් ලබා ගත් පුද්ගලයින් යොදා ගනිමින් සිදුකළ සායනික පරික්ෂණ මගිනුයි මේ බව තහවුරු වී ඇත්තේ.

එමෙන්ම ඇස්ට්‍රා සෙනෙකා හා ෆයිසර් එන්නත් මිශ්‍ර කර භාවිතා කිරීම තුළින් වැඩි ප්‍රතිදේහ ප්‍රමාණයක් නිෂ්පාදනය කළ හැකි බවද මෙහිදී හෙළිව තිබෙනවා. එන්නත් මාත්‍රා දෙකක් පමණක් ප්‍රමාණවත් නොවන හෙයින් බූස්ටර් එන්නත ද ලබා ගන්නා ලෙසයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඊයේ දිනයේදී එරට ජනතාවගෙන් ඉල්ලා සිටියේ. එමෙන්ම එරට පළමු ඔම්ක්‍රෝන් ආසාදිත මරණය ද ඊයේ වාර්තා වුණා.

 

 

 

The post ඔමික්‍රෝන් මැඩපැවැත්වීමට ඒන්නත් මාත්‍රා 2ක් ප්‍රමාණවත් නැති බව හෙලි වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG