Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇෆ්ගනිස්ථානයට ලෝක බැංකුවෙන් හදිසි ආධාර ලෙස ඩොලර් මිලියන 280ක්  

Add comments

හදිසි ආධාර ලෙස අමෙරිකා ඩොලර් මිලියන 280 ක මුදලක් ඇෆ්ගනිස්ථානයට මුදා හැරීමට ලෝක බැංකුව තීරණය කර තිබෙනවා.

ඒ සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ජාත්‍යන්තර ආයතනයන්හි අනුමැතිය හිමිවී ඇති බවයි ලෝක බැංකුව වැඩිදුරටත් සදහන් කරන්නේ. ඇෆ්ගනිස්ථානයේ මිලියන 23 ක් පමණ වන ජනගහණයෙන් අඩක් සීත ඍතුවේදී දරුණු ආහාර හිගයකට මුහුණ පානු ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු ඇගවීමක් කළා. එය ලොව දරුණුතම මානුෂීය අර්බුදය වනු ඇති බවටයි ඔවුන් පෙන්වා දුන්නේ. ගෝලීය උණුසුම හේතුවෙන් ඇති වූ නියගය, ආර්ථික අර්බුදය,  මෙන්ම තලෙයිබාන් සංවිධානය බලයට පැමිණීමෙන් පසු ජාත්‍යන්තර ප්‍රජාව එරට සංචිත අත්හිටුවීම ආදි කරුණු රැසක් ඇෆ්ගනිස්ථානයේ වර්තමාන අර්බුදකාරී තත්ත්වයට හේතු වී තිබෙනවා. ඇමෙරිකා ඩොලර් බිලියන 10 ක් පමණ වන ඇෆ්ගනිස්ථාන විදේශ සංචිත අත්හිටුවීමට ද අමෙරිකාව කටයුතු කර තිබෙනවා.

ලෝක බැංකුව නිදහස් කෙරෙන ආධාරවලින් ඩොලර් මිලියන 100 ක් යුනිසෙෆ් සංවිධානයේ මෙහෙයුම් සදහා යොදා ගැනෙන අතර ඩොලර් මිලියන 180 ක් ලෝක ආහාර වැඩසටහන යටතේ ඇෆ්ගනිස්ථාන ජනතාවට ආහාර ආධාර ලබාදීමට යොදා ගැනීමටයි සැළසුම් කර තිබෙන්නේ.

 

 

The post ඇෆ්ගනිස්ථානයට ලෝක බැංකුවෙන් හදිසි ආධාර ලෙස ඩොලර් මිලියන 280ක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG